ලියාපදිංචි හජ් සංචාරක ක්රියාකරුවන්ගේ ලැයිස්තුව – 2022
සංචාරක ක්රියාකරුවන් 73 දෙනෙකු මේ වන විට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බව කාරුණිකව දන්වා සිටිමු. ඔවුන්ගේ විස්තර පහත සදහන් කර ඇත.
එමෙන්ම , මෙම වසරේ ශ්රී ලංකාවෙන් හජ් වන්දනා කිරීමට කැමති සියලුම බැතිමතුන්ගෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ පහත සදහන් කර ඇති ලියාපදිංචි හජ් සංචාරක ක්රියාකරුවන් සමඟ පමණක් සම්බන්ධ වී හජ් වන්දනාව සඳහා කටයුතු කරන ලෙසයි.
ඒ අනුව, පහත ලැයිස්තුවෙන් පිටත සංචාරක ක්රියාකරුවන් සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව වගකීමක් නොගන්නා බවත්,
ලියාපදිංචි නොකළ සංචාරක ක්රියාකරුවන්ට රැවටීමෙන් වළකින ලෙසත් මෙවර හජ් වන්දනාව සිදු කිරීමට කැමති සියලුම බැතිමතුන්ගෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
වැඩි විස්තර සඳහා කරුණාකර මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හජ් අංශය අමතන්න.
ලැයිස්තුව: https://muslimaffairs.gov.lk/wp-content/uploads/2022/06/Registered-Hajj-Operator-2022-2.pdf
ඊබ්රාහිම් අන්සාර්
අධ්යක්ෂ,
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.