හජ් වන්දනාව – 2022
හජ් වන්දනාව – 2022
2022 වර්ෂයේ ශ්‍රී ලංකාවෙන් හජ් වන්දනාව සඳහා වන්දනාකරුවන් යැවීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා විසින් අවසර ලබා දී ඇති බව සතුටින් දන්වා සිටිමු.
2022.06.07 වැනි දින බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සංස්කෘතික අමාත්‍යාංශයේ දී පරිසර අමාත්‍ය ගරු හාෆිස් නසීර් අහමඩ් මැතිතුමා ප‍්‍රමුඛ ගරු ෆයිසල් කාසිම් මැතිතුමා, ගරු කාදර් මස්තාන් මැතිතුමා, ගරු ඉෂාක් රහ්මාන් මැතිතුමා, ගරු මර්ජාන් ෆලීල් මැතිතුමා සහ ගරු මුෂාරෆ් මුදුනබි මැතිතුමා යන මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු , සමස්ත ලංකා හජ් සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය සහ හජ් චාරිකා සංගමය යන සංගම් දෙකෙහි සහභාගිත්වයෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමණායක මැතිතුමා සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී.
මේ සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විතානපතිරණ මහතා , බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, නයනා නාථවිතාරණ මහත්මිය , මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඊබ්‍රාහිම් අන්සාර් මහතා ඇතුළු පිරිසක් සහභාගි විය . රැස්වීමේ සාකච්ඡාව අතරතුර බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමණායක මැතිතුමා විසින් මෙවර හජ් වන්දනාව සඳහා රජයේ එකඟතාව තහවුරු කරන ලදී.
සෞදි අරාබි රජය මේ වසරේ ශ්‍රී ලංකාවෙන් හජ් වන්දනාව සඳහා 1585 ක කෝටාවක් ලබා දී ඇත.
එහිදී ගරු අමාත්‍යතුමා විසින් මෙම වසරේ හජ් වන්දනාවේ ගාස්තු ලෙස සාධාරණ මුදලක් අය කරන ලෙසද ,ඒ සඳහා මහ බැංකුවේ මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු සම්පාදනය කරන ලෙසද, හජ් සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගම්වලට උපදෙස් දෙන ලදී.
එබැවින් , මෙම වසරේ හජ් වන්දනා කිරීමට බලාපොරොත්තු වන අයඳුමකරුවන් විසින් 2022 ජුනි මස 10 වැනි සිකුරාදා දිනට පෙර ඔවුන්ගේ සහභාගීත්වය තහවුරු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
එමෙන්ම , අයදුම්කරුවන්ගෙන් පහතින් ඉල්ලා ඇති විස්තර ලබා දෙන ලෙසත්, පහත සඳහන් ගෙවීම් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත ගෙවන ලෙසත්, ගෙවීම් සඳහා නිල රිසිට්පතක් ලබා ගන්නා ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.
1. පරිපාලන ගාස්තුව රු. 4,000/- (එය හජ් සංචාරක ක්‍රියාකරු විසින් ගෙවනු ලැබේ.)
2. තහවුරු කිරීමේ ගාස්තුව රු. 25,000/- (නැවත ආපසු ලබා ගැනීමේ කොන්දේසියට යටත්ව)
3. කලින් ලියාපදිංචි වී ඇත්නම්, ගෙවීම් කල රිසිට්පතේ පිටපතක්.
4. විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්.
5.හජ් වන්දනාව අරමුණු කරගෙන ශ්‍රී ලංකාවේ නම් කරන ලද ඩොලර් ගිණුමකට ඩොලර් 1,500/- හෝ ඊට සමාන විදේශ මුදල් මාරු කිරීම.
6. ප්‍රවේශ ගාස්තු ගෙවා ලියාපදිංචි වී ඇති බැතිමතුන්ට ප්‍රමුඛත්වය දෙනු ලබන අතර , වන්දනාකරුවන්ට “පළමුව පැමිණෙන අයට පළමු සේවය” පදනම මත අවස්ථාව හිමි වේ.
7. ලියාපදිංචි බැතිමතුන්ට ඔවුන්ගේ හජ් ක්‍රියාකරු තමන් විසින්ම තෝරා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙනු ලැබේ.
එමෙන්ම, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා රජයේ තීරණය රාජ්‍යතාන්ත්‍රිකව සෞදි අරාබි රජය වෙත දන්වා ඇත.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ පහත නිලධාරීන් අමතා ලබා ගත හැකි බව කාරුණිකව දන්වා සිටිමු.
එම්.එෆ්.ඒ.ආසාද් මහතා,
සංවර්ධන නිලධාරී
හජ් අංශය
දුරකථන: 0773775941
එම්.අයි.එම්. මුනීර් මහතා,
සංවර්ධන නිලධාරී
හජ් අංශය
දුරකථන: 0761398620
එම්.එච්.එන්.එෆ්.කරීමා මිය
සංවර්ධන නිලධාරී
හජ් අංශය
දුරකථන: 0776146318.
එම්.ඒ.සී.එම් රියාස් මහතා
සංවර්ධන නිලධාරී
හජ් අංශය
දුරකථන : 0777895667
අධ්‍යක්ෂ
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,
180, ටී. බී. ජයා මාවත,
කොළඹ – 10