කොළඹ පලස්තීන රාජ්‍යයේ අතිගරු තානාපතිතුමාගේ පැමිණීම

කොළඹ පලස්තීන රාජ්‍යයේ අතිගරු තානාපතිතුමාගේ පැමිණීම

ශ්‍රී ලංකාවේ පලස්තීන රාජ්‍යයේ තානාපති අතිගරු සැයිර් හම්දල්ලාහ් සැයිද් මහතා 2022 පෙබරවාරි 09 වැනි බදාදා දින මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉබ්රාහිම් අන්සාර් මහතා හමුවිය.

ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර පවතින උණුසුම් සහ සුහද ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව දෙදෙනාම සාකච්ඡා කළහ.

මෙම සාකච්ඡාවට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරුන් වන අන්වර් අලි මහතා සහ අලා අහමඩ් මහතා සහභාගී විය.