“දැහැමි ගොවිතැනින් යහපත් සංස්කෘතියක් ” යන සංකල්පය යටතේ මුස්ලිම් පල්ලි, අරාබි විද්‍යාල සහ කුර්ආන් පන්තිවල ගෙවතු වගාව දියත් කිරීම
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි, අරාබි විද්‍යාල සහ අල් කුර්ආන් පන්තිවල ගෙවතු ව්‍යාපෘතිය දියත් කිරීමේ වැඩසටහන ” දැහැමි ගොවිතැනින් යහපත් සංස්කෘතියක් ” යන සංකල්පය යටතේ රජයේ කඩිනම් ආහාර බෝග නිෂ්පාදන ජාතික වැඩසටහන – 2022 අද දින
දෙහිවල මුහියාදීන් මහ ජුම්මා මුස්ලිම් පල්ලියේදී, බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ හා කොළඹ දිස්ත්‍රික් මුස්ලිම් පල්ලි සම්මේලනයේ සම්බන්ධීකරණයෙන් පැවැත්විණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා සහභාගී විය.
ගරු බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ උපදෙස් මත මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් හැකි සෑම විටම තම පරිශ්‍රයේ ගෙවතු වගා ක්‍රමය හරහා ආහාර බෝග වගා කිරීම ප්‍රවර්ධනය කරන ලෙස සියලුම මුස්ලිම් පල්ලි, අරාබි විද්‍යාල සහ කුරාන පන්තිවලින් දැනටමත් ඉල්ලීම් කර ඇත.
අද දින සමාරම්භක උත්සවයේදී පිළිගැනීමේ කතාව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉබ්‍රාහිම් අන්සාර් මහතා විසින් සිදු කරන ලදී. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විතානපතිරණ මහතා ගෙවතු ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීමේදී ආගමික ස්ථාන සහ ආයතනවලින් ඉටුකල හැකි වැදගත්කම පිළිබඳව ප්‍රකාශ කළේය.
සමස්ත ලංකා ජමියතුල් උලමා, ෂරියා සභාව, ජාතික ෂූරා කවුන්සිලය සහ සුෆි තරීකා උත්තරීතර සභාව නියෝජනය කරන මුස්ලිම් ආගමික නායකයින්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් , ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් , කොළඹ දිස්ත්‍රික් මුස්ලිම් පල්ලි සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයින් සහ දෙහිවල මහ ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලය වැඩසටහනට සහභාගි විය.
ගරු බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා , මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් විසින් මෙම උත්සවයේදී ආහාර බෝග පැලෑටී සහ පැල සිටුවන ලදී.
මාධ්‍යය අංශය
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
2022.06.25