ඉස්ලාමීය විද්වතුන් සහ පුරෝගාමීන්
කසාවත්ත ආලිම් අප්පා
අකුරණ
උපත: 1829 / විපත : 1893 |
19වන ශත වර්ෂයේ ලංකාවේ විසූ ප්‍රමුඛතම ඉස්ලාමීය ශාස්ත්රෙව්දියෙකු වන මෙතුමා අරාබි සහ දෙමළ යන මාධ්‍යයන් හැසිරවීමේ නිපුණතාවයක් දැක්වූ අතර අරාබි සහ දෙමළ ග්රන්ථ කිහිපයක් එළි දක්වා ඇත.
ප්‍රසිද්ධ ග්රන්ථ – “දීන් මාලෛ“ |
ආචාර්ය එම්.සී. එම්. කලීල්
උපත : 1899.02.03 / විපත : |
ශ්‍රී ලංකාවේ විසූ මුස්ලිම් ජන සමාජයේ ප්‍රමුඛතම වෛද්‍යවරයෙකු, සමාජ සේවකයෙතු, දේශපාලඥයෙකු හා නායකයෙකු වන මෙතුමා මුස්ලිම් ජනතාවගේ අධ්‍යාපනය හා සමාජ සංවර්ධනය උදෙසා කැප වූවෙකි. මෙතුමා සමස්ථ ලංකා මුස්ලිම් ලීග් හි සභාපති ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකාවේ නිදහස උදෙසා ඇප කැප වූවේය. |
අල් හාජ් එච්.එස්. ඉස්මායිල්
පුත්තලම
උපත : 1901.05.19 / විපත : 1893 |
වර්ෂ 1947 දී පැවැත් වූ ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී නිතරඟයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මුල්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු කථානායකවරයා ලෙස මෙතුමා ඉතිහාසගත වෙයි.
ශ්‍රී ලංකාවේ දැනට පවත්නා බයිතුල් මාල් අරමුදලේ නිර්මාතෘ ද මෙතුමා ය. |
එම්.සී. අබ්දුල් කාදර්
යාපනය
උපත : 1875.09.02 / විපත :1946.05.27 |
ප්‍රථම මුස්ලිම් උපාධිධාරියා මෙතුමා ය.
මුස්ලිම්වරයෙකු තම අනන්‍යතාවය පෙන්වීම සඳහා අධිකරණය තුළ ඇතුළුව සෑම අවස්ථාවක දීම හිස් ආවරණය (තොප්පිය) පැළැඳීමේ අයිතිය වෙනුවෙන් සටන් කර ජයගත් පුද්ගලයෙකු ය. |
ආචාර්ය බදියුදීන් මහ්මූද්
මාතර
උපත : 1904.06.23 / විපත : 1997.06.16 |
මෙතුමා දෙවරක් ශ්‍රී ලංකා ජනරජයේ අධ්‍යාපන ඇමති ලෙස (වසර 10 ක්) කටයුතු කර ඇත
මෙතුමාගේ නිල කාලය තුළදී ශ්‍රී ලංකාවේ පාසල් බොහොමයක් ජාතික පාසල් බවට පත් විය. යාපනය විශ්ව විද්‍යාලය ස්ථාපනය කිරීම සිදුවූයේ ද මෙතුමාගේ නිල කාලය තුළ දී ය |
අයි. එල්. එම්. අබ්දුල් අසීස්
උපත : 1867.10.27 / විපත : 1915.09.01 |
සිත්ති ලෙබ්බේ මහතා සමඟ එක්ව සමාජ සුභසාධන කටයුතු වලට මුලු තැන දී කටයුතු කළ පුද්ගලයෙකි.
“මුස්ලිම් ගාඩියන්” නම් වූ සඟරාවේ නිර්මාතෘවරයා ය. |
එම්. සී. අබ්දුල් රහ්මාන්
වැලිගම
උපත : — / විපත : 1899 |
ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක සභාවේ සහ කොළඹ මහ නලර සභාවේ ප්‍රථම මුස්ලිම් සාමාජිකයා මෙතුමා ය.
කොළඹ මහ නගර සභා සීමාව තුළ නිල නොලත් ප්‍රථම මහේස්ත්‍රාත්වරයා ද මෙතුමා ය. |
අක්බර් විනිශ්චයකාරතුමා
උපත : 1880.06.15 / විපත : 1944.04.22 |
ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් විනිශ්චයකාරවරයා මෙතුමා වේ
මෙතුමා රාජ්‍ය මන්ත්‍රී ධූරයක සිටින කාලයේ දී මුස්ලිම් පෞද්ගලික නීතියක් සකස් කිරීම වෙනුවෙන් ප්‍රධාන ලෙස තම දායකත්වය සැපවූවේය. මහනුවර, පේරාදෙණිය විශ්ව විද්‍යාලය බිහිවීම වෙනුවෙන් ද මෙතුමාගේ දායකත්වය ඉමහත්ය. |
මොහමඩ් කාසිම් සිත්ති ලෙබ්බේ
උපත : 1838.06.11 / විපත : 1898.02.05 |
ශ්‍රී ලංකාවේ සමාජ සුභසාධනය/ සංවර්ධන වෙනුවෙන් කැපවූ පුරෝගාමියෙකි
කොළඹ සහිරා විද්‍යාලය පිහිටුවීම සහ මුස්ලිම් කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් මූලිකව කටයුතු කළ පුද්ගලයෙකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම දමිළ නවකතාව වන “අසන්බේ සමුත්තිරම්” හි කර්තෘවරයා ය. |
ඔරාබි පාෂා
ඊජිප්තු
උපත : / විපත : 1911 |
මෙතුමා දේශපාලන හේතු මත ශ්‍රී ලංකාවට පැමිණයේය.
කොළඹ සහ මහනුවර ප්‍රදේශයේ ජීවත් වූවේ ය. මෙතුමා අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳ මුස්ලිම්වරුන් දැනුවත් කර දිරි ගැන්වීම් සිදුකළේය. නැවත වර්ෂ 1901 දී සිය මවුරට බලා පිටත්ව ගියේය. |
නලීම් හාජියාර්
බේරුවල
උපත : 1932 / විපත : 2006 |
මෙතුමා මහා දානපතියෙකි
බේරුවල ජාමියා නලීමියා ආයතනයේ සහ ඉක්රා තාක්ෂණික විද්‍යාලයේ නිර්මාතෘවරයාය ඉස්ලාමීය විප්ලව ව්‍යාපාරයේ පුරෝගාමියා මොහුය. |
මහාචාර්ය එම්.එම්. උවෙයිස්
පානදුර
උපත : 1922.01.15 / විපත : 1996.03.25 |
මෙතුමා ඉස්ලාමීය සාහිත්‍යය පිළිබඳව පර්යේෂණ කිරීමේ දී පුරෝගාමීව කටයුතු කළ පුද්ගලයෙකි. කෘතීන් 2000 කට අධික ප්‍රමාණයක් මෙතුමා විසින් හඳුනා ගන්නා ලදි.
දකුණු ඉන්දියාවේ මදුරෙයි කාමරාජ් විශ්වවිද්‍යාලයේ දෙමළ සාහිත්‍යය පිළිබඳව ඉගැන්වූ ප්‍රථම මහාචාර්යවරයා මොහුය. |
එම්.එස්. කාරියප්පර්
කාත්තන්කුඩි
උපත : 1899.04.29 / විපත : 1989.04.17 |
මෙතුමා දෙමළ සාහිත්‍යය පිළිබඳව පර්යේෂණ රැසක් සිදු කළ පුද්ගලයෙකි.
කෘතීන් 2000 කට අධික ප්‍රමාණයක් මෙතුමා විසින් හඳුනා ගන්නා ලදි. |
ඒ.එම්.ඒ. අසීස්
Jaffna
උපත : 1899.10.29 / විපත : 1973.11.24 |
ශ්‍රී ලංකාවේ ප්‍රථම සිවිල් නිලධාරියා මෙතුමා ය.
කොළඹ සහිරා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස සේවය කළේය. ශ්‍රී ලංකා මුස්ලිම් ශිෂ්‍යත්ව අරමුදලේ නිර්මාතෘවරයා ය. |
එම්. එච්. එම්. අෂ්රෆ්
සම්මාන්තුරෙයි
උපත : 1948.10.23/ විපත : 2000.09.16 |
ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ අනන්‍යතාවය පවත්වා ගැනීම සඳහා ඔවුන් වෙනුවෙන් ප්‍රථම මුස්ලිම් දේශපාලන පක්ෂයක් පිහිටුවූයේ මෙතුමා ය.
දෙමළ කාව්‍ය විශාල ප්‍රමාණයක් ඇතුලත් “නාන් එනුම් නී” නම් කාව්‍ය ග්‍රන්ථයේ රචකයා මෙතුමා ය. ඔලුවිල් හි පිහිටි අග්නි දිග විශ්වවිද්‍යාලය සහ ඔලුවිල් වරාය බිහිවූ යේ මෙතුමාගේ චින්තනයේ ප්‍රතිඵලයක් ලෙසිනි. |
ටී.බී. ජායා
කොළඹ
උපත : 1890.01.01 විපත : 1960.05.31 |
අවුරුදු 27 ක කාලයක් කොළඹ 10 සහිරා විද්‍යාලයේ විදුහල්පති ලෙස මෙතුමා කටයුතු කළ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක සහිරා විද්‍යාල බිහිවීමට මුල් වී කටයුතු කළේය.
මෙතුමා ශ්‍රී ලංකා ජනරජයේ නිදහස උදෙසා පුරෝගාමීව කටයුතු කළ නායකයින් අතර කැපී පෙනේ. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසට සහ පාකිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මෙතුමා කටයුතු කළේය. සෞදි අරාබියේ මක්කා නගරයේ සිලෝන් හවුස් ඇතිකරන ලද්දේ මෙතුමාගේ චින්තනයේ ප්‍රතිඵලයක් ලෙසිනි. |
සර් රාසික් ෆරීඩ්
කොළඹ
උපත : 1893.12.29 / විපත : 1984.08.23 |
ශ්‍රී ලංකාවේ පාසල් 250 කට අධික ප්‍රමාණයක නිර්මාතෘවරයා මෙතුමාය.
මෙතුමා මුස්ලිම් සමාජ සංවර්ධනය උදෙසා කටයුතු කළ පුද්ගලයෙකි. අට්ටාලච්චේනයි සහ අළුත්ගම පිහිටි ගුරු පුහුණු විද්‍යාල ආරම්භ කරන ලද්දේ මෙතුමා විසිනි. |
එන්.ටී. එච්. අබ්දුල් ගෆූර්
කොළඹ
උපත : –/ විපත : — |
මෙතුමා බ්‍රිතාන්‍ය රාජ්‍ය කාලයේ මැණික් ව්‍යාපාරයේ නියැලී සිටියේ ය.
මෙතුමා මහා දානපතියෙකි මහරගම පිහිටි ගෆූරියා අරාබි විදුහලේ නිර්මාතෘවරයා ද මෙතුමාය. කොළඹ සහිරා විදුහලේ උන්නතියට කැප වූ අතර අගය කිරීමක් ලෙසට ඔහුගේ නමින් (ගෆූර්) ශාලාවක් ද එහි පිහිටුවා ඇත. |
වාපිච්චි මරෙයික්කාර්
කොළඹ
උපත : –/ විපත : — |
කෞතුකාගාරය ඉදිකිරීම සඳහා තමන්ට අයිති ඉඩමක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කිරීමට තරම් මෙතුමා පරිත්‍යාගශීලි විය. (මෙතුමාගේ ඉල්ලීම පරිදි සිකුරාදා දින කෞතුකාගාරය වසා තබන ලදි)
තවද සහිරා විදුහල වෙනුවෙන් පෙනී සිටි ප්රමුඛ දානපතියෙක් ද විය. කොළඹ සහිරා විදුහලේ කළමනාකරු ලෙසද කටයුතු කළේය. |