ඉතිහාසය
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ඉතිහාසය වක්ෆ් හෝ මුස්ලිම් අරමුදලේ නෛතිකමය සංකල්පය සමඟ සංකලනය වූවකි. මුස්ලිම් පල්ලි සහ පුන්‍යාධාර හෝ 1956 වක්ෆ් පනත අංක 51 නීති කෙටුම්පතට පෙර මුස්ලිම් අන්තර් රාජ්‍යය පැවැත්මෙහි සහ 1931 ක වක්ෆ් ආඥා පනත තුල අන්තර්ගත විය. අදාළ නීතියෙහි වක්ෆ් මුස්ලිම් භාර අරමුදලත් මුස්ලිම් පල්ලි සහ වක්ෆ් සම්බන්ධ සියලු කටයුතු එවකට ශ්‍රී ලංකාවේ මහා භාරකාරයේ පාලනය යටතේ පැවරී තිබිණි.
මුස්ලිම් පල්ලි ලියාපදිංචි කිරීම සඳහා සහ මුස්ලිම් පල්ලි මෙන්ම මුස්ලිම් පල්ලි හා පුණ්‍යාධාර අරමුදලේ භාරකරුවන්ට අයත් බලතල නිර්ණය කිරීම, ඔවුන්ට අයත් රාජකාරි හා කර්තව්‍යයන් නිර්දේශ සහ නීති නිර්දේශ කිරීම සඳහා 1952 වසරේ දී, එවකට ස්වදේශ කටයුතු අමාත්‍යතුමා විසින් නියොජිත මන්ත්‍රී සභාව සහ සෙනෙට් සභාව යන සභාවන් දෙකෙහි මුස්ලිම් නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදි.එහිදී මුස්ලිම් කොමසාරිස්වරයෙකු පත් කරීම යන අදහස බොහෝ වාද විවාදයට විෂය වූ බව වාර්තා වේ.
ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් රවකට පැවැති ආඥා පනත සංශෝධනය කිරීමේ අවශ්‍යයතාව පිළිබඳව මුස්ලිම් ජනතාවගේ අදහස් විමසන ලදි. ඊට ප්‍රතිචාර ලෙස මුස්ලිම් නීතීඥවරුන්ගේ සමුළුවක් රැස් වී මේ විෂය සම්බන්ධව කටයුතු කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට ඉදිරිපත් විය.
මෙම කමිටුව අමාත්‍ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ දී ඇති කරුණු හා නිර්දේශ පුළුල් ලෙස සාකච්ඡා කිරීම සඳහා අට වරක් රැස් විය. අවසාන වශයෙන්, රැස් වූ පිරිස විසින් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලද අතර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ පරිපූරක පනත් කෙටුම්පත සඳහා යෝජනා සංශෝධන ඉදිරිපත් කරන ලදි.
ඒ අනුව, මුස්ලිම් පල්ලි සහ පුන්‍යාධාර හෝ 1956 අංක 51 දරණ වක්ෆ් පනත, 1956 අප්‍රේල් මස 26 වන දින ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් අංක 11, 112, විසින් සම්මත වූ අතර එම පනත 1957 මැයි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කරන ලදි.
මුස්ලිම් පල්ලි හා මුස්ලිම් පුණ්‍යාධාර භාර ප්‍රථම කොමසාරිස් ලෙස එම්.ජේ.එම්. මුහුසින් මහතා, , 1957 ජුනි මස 28 වැනි දින ගැසට් අංක 11, 137 මගින් වැඩ බැලීමේ රාජකාරිය සඳහා පත් කරන ලදි.