හජ් සහ උම්රා
මෙම හජ් වන්දනා ගමන ලොව පුරා සිටින මුස්ලිම් බැතිමතුන් විසින් සෞදි අරාබි රාජ්‍යයේ මක්කම නගරයට ගොස් කරනු ලබන වාර්ෂික වන්දනා ගමනකි. එය ලෝකයේ විශාලතම වාර්ෂික වන්දනා ගමනයි.
හජ් යනු ඉස්ලාමයේ කුළුණු පහෙන් පස්වැන්නයි; සෑම කායික වශයෙන් ශක්තිමත් සහ යහපත් සෞඛ්‍ය තත්වයෙන් යුක්ත මුස්ලිම්වරුන් විසින් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ ඉටු කළ යුතු ආගමික යුතුකමකි. හජ් ලෝක මුස්ලිම් ප්‍රජාවගේ සහයෝගය පෙන්නුම් කරයි. එය අල්ලාහ් දෙවියන් වහන්සේ හට මිනිසුන් විසින් ඉදිරිපත් කරනු ලබන විශ්වීය සතුටයි.
මෙය ඉස්ලිමීය මාස ක්‍රමයේ දොලොස්වන මස වන දුල් හජ් මස 8 වන දින සිට 12 වන දින දක්වා සිදු කරනු ලබන වන්දනාවකි. හජ් වන්දනා පිළිවෙත තුළ ඇති මූලික පියවරයන් සතියකට වඩා අඩු කාල පරාසයකට විහිදේ.
- ආරම්භයේදී ලෝකය පුරා වෙසෙන සියලු මුස්ලිම් වන්දනාකරුවන් එකවර මක්කම නගරයට එක් රැස් වීම.
- පළමු වන දින, සෑම වන්දනාකරුවෙකුම ශුද්ධ වූ ක:බාව (මෙය පිහිටා තිබෙන දිශාව මුස්ලිම්වරුන් වන්දනාමාන කරන දිශාවයි) වාමාවර්තව සත් වරක් ඇවිදියි.
- පසුව අල්-සෆා සහ අල්-මර්වා කඳු වැටි අතර කඩිමුඩියේ ඇවිදීමක් සිදු වේ. (මෙම කඳු වැටි දෙක වර්තමානයේ මක්කා පල්ලිය ව්‍යාප්ත කිරීමේ දී එය තුළ අඩංගු කොට ඇත.)
- නොසිඳී සදාකාලිකව පවතින සම්-සම් ළිඳෙන් වතුර ටිකක් පානය කිරීම
- පසුව වන්දනාකරුවන් කිලෝ මීටර් ගණනාවක් දුර ගෙවා අර්ෆාත් කන්දේ තැනිතලාව කරා ගමන් කර එහි නැඟී යාච්ඤා කරනු ලබයි.
- ඉන් පසුව මෙම කණ්ඩායම ෂෙයිතාන් හට ගල් ගැසීමේ ක්‍රියාව සඳහා එක් අංගනයකට පිවිසේ.
- ඉන් පසුව වන්දනාකරුවන් හිස් බූ ගානු ලැබේ.
- පසුව දෙවියන් වෙනුවෙන් සතුන් බිලි දීමේ ආගමික චාරිත්‍රය සිදු කරනු ලැබේ.
- අවසාන වශයෙන් ලෝක වාසී මුස්ලිම් ජනතාව ඊද් අල්-අල්හා උත්සවය සමරයි
2008 දී ඉස්ලාමීය වන්දනාවලට සහභාගීවීමේ දිගු කාලීන බලපෑම් මත කළ අධ්‍යයනයකින් පසු සොයා ගන්නා ලද්දේ මුස්ලිම් ප්‍රජාවන් හජ් අත්දැකීම් ලැබීමෙන් පසු වඩාත් විවෘත වී ඇති බවයි.
රජයේ හාවඩ් විශ්වවිද්‍යාලය ජෝන් එෆ් කෙනඩි පාසල් සමග සහයෝගීව සිදු කළ අධ්‍යයනයකින් හජ් මගින සිදුවන බලපෑම ඇස්තමේන්තු කිරීමේ දී, ඉස්ලාම් හි ගෝලීය රැස්කිරීම, ආගම සහ ඉවසීම, ඉස්ලාමීය ප්‍රජාව තුළ පමණක් නොව, වෙනත් ආගම්වල අය අතර සාමකාමී සහජීවනය, සමානාත්මතාවය හා සහජීවනය ප්‍රවර්ධනය වීමට හජ් අත්දැකීම් උපකාරි වන බව සොයා ගන්නා ලදි.
මෙම හජ් ක‍්‍රියාවලිය තුළට රජයේ මැදිහත් වීම රටින් රටට වෙනස් වේ. ඉස්ලාමීය රටවල සමස්ත ක්‍රියාවලියම නියාමනය කරන අතර, අනෙකුත් රටවල් සහනාධාර ක්‍රමයක් හෝ වෙනත් නියාමන ක්‍රමයක් මගින් සහාය වේ.
ඉන්දුනීසියානු රජය මක්කම රාජ්‍යය බලා හජ් වන්දනා ගමන සංවිධානය කිරීම වෙනුවෙන් පූර්ණ අයිතිය පවරා ගනී. ඔවුන්ගේ වන්දනා සමයේ පුරවැසියන්ට මග පෙන්වීම, සේවා හා ආරක්ෂාව සැපයීමේ වගකීම ආගමික කටයුතු අමාත්‍යාශය බව නීති රීති වල සඳහන් වේ. එම අමාත්‍යාංශය හජ් සම්බන්ධ වියදම් තීරණය කිරීම හා හජ් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරනු ඇත.
ඉන්දියාවේ බලයලත් හජ් වන්දනා මෙහෙයුම්කරුවන් හරහා සමස්ත ක්‍රියාවලිය පාලනය කිරීමට ජාතික හජ් කමිටුව විසින් නියෝග පනවනු ලැබේ. ඉන්දියාවේ හජ් කමිටුව මගින් ඉල්ලුම් කරන වන්දනාකරුවන්ට සහන මිලට ගාස්තු ඉදිරිපත් කෙරේ. ඉන්දීය රජය විසින් ඉන්දිය ගුවන් සමාගමට සහනාධාර ගෙවීමක් සිදු කෙරේ.
ශ්‍රී ලංකා රජය විසින් පත් කරනු ලබන හජ් කමිටුව හා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හරහා මෙම ක්‍රියාවලිය පාලනය කිරීමට නියෝග පනවනු ලැබේ. ශ්‍රී ලංකා රජය පහත සඳහන් අයුරින් මුස්ලිම් ප්‍රජාවට ආධාර සපයයි;
ශ්‍රී ලංකා මුස්ලිම් වන්දනාකරුවන්ගේ ගමන් වීසා සඳහා කෝටා සංඛ්‍යාව පිළිබඳ සෞදි අරාබියට රාජ්‍යය සමග සාකච්ඡා පැවැත්වීම.
වන්දනාවට සහභාගී වීමට උනන්දුවක් දක්වන මුස්ලිම්වරුන් ලියාපදිංචි කිරීම
හජ් වන්දනා මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීම
එක් එක් හජ් වන්දනා මෙහෙයුම්කරුවන් ගේ කාර්ය සාධනය / අක්ත පත්‍ර මත පදනම් කරගෙන වන්දනා වීසා බෙදා හැරීම
ආරම්භයේ සිට අවසානය දක්වා සම්පූර්ණ හජ් ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම
සියළුම ශ්‍රී ලාංකික හජ් වන්දනාකරුවන් ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන් වෙනුවෙන් සේවය කිරීමට මක්කා දේශය බලා ශ්‍රී ලංකාවෙන් වෛද්‍ය කණ්ඩායම් යැවීම