හජ් කමිටුව
මෙම හජ් කමිටුව විෂය භාර අමාත්යවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත විය යුතුය. මෙම කමිටුව ශ්‍රී ලාංකික හජ් වන්දනාකරුවන් සම්බන්ධ සියලූ සේවා සතුටුදායක අයුරින් කළමනාකරණය කරන බව සහතික කරන අතර ඒ සම්බන්ධ සමස්ත වගකීම භාරගනු ලැබේ. කෙසේ වෙතත්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හජ් කමිටු සාමාජික බවට ඉබේ පත් වනු ඇත.
හජ් කමිටුවේ ප්‍රධාන අංග පහත පරිදි වේ
- මෙම කමිටුවේ නිල කාලය වසරකට සීමා විය යුතු ය
- හජ් කමිටුවේ පුරප්පාඩුවක් ඇති වූ අවස්ථාවක එය විෂය භාර අමාත්යවරයා විසින් එය පිරවිය යුතු ය
- හජ් කමිටු සාමාජිකයෙකු හජ් කමිටු සභාපති වෙත මාසයකට පෙර ලිඛිතව දැනුම් දීමෙන් පසු සිය ධුරයෙන් ඉල්ලා අස්විය හැකිය.
රාජකාරි
- ශ්‍රී ලංකාව වන්දනාකරුවන් සඳහා සාධාරණ කෝටා සංඛ්‍යාවක් ලබා ගැනීමට හජ් කමිටුව සෞදි අරාබි රජය සමග සාකච්ඡා කළ යුතු ය.
- සෑම වන්දනාකරුවෙකුගෙන්ම අය කරන ගාස්තුව සඳහා අවශ්‍ය අවස්ථාවල දී ප්‍රරවාහන පහසුකම් සම්බන්ධයෙන්, මිනා නැමැති ස්ථානයේ නවාතැන් පහසුකම් සමඟ පූර්ණ සේවාවන් ලබා දිය යුතු බව තහවුරු කිරීම සඳහා අදාළ බලය ලත් නිලධාරින් සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම
- “Free Movement Pass” (FMP) එනම් “Bessa” ලෙස හඳුන්වනු ලබන විසා සෞදි අරාබි රාජ්‍ය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන වරප්‍රසාදිත වීසා වේ. අවම වශයෙන් වන්දනාකරුවන් 45 ක් සිටින සෑම හජ් මෙහෙයුම්කරුවෙකුටම FMP 01 බැගින් ලබා දෙනු ඇත.
- මෙම වන්දනාව සඳහා සහභාගි කරවනු ලබන සෑම අමතර වන්දනාකරුවන් 45 දෙනෙක් සඳහාම එක් අතිරේක බේසාවක් ලබා දෙනු ලැබේ. (උදා: වීසා 45 කට බේසා 1, වීසා 90 කට බේසා 2, වීසා 135 කට බේසා 3) ඉතිරි බේසා ප්‍රමාණය එකඟ වූ නිර්ණායක මත හජ් කමිටුව විසින් තෝරා ගනු ලබන වෛද්‍ය හා පරිපාලන ස්වේච්ඡා සේවා පුද්ගලයින් වෙත නිකුත් කල යුතු ය.
- මෙම කමිටුව විසින් වන්දනා මෙහෙයුම්කරුවන්ට හජ් කාර්යය ඉටු කිරීමට ඇති සුදුසුකම ඇගයිමට ලක් කර සුදුසුකම සහතික කළ යුතුය. මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙම හජ් කමිටුව කලින් තීරණය කර ගත් නිර්ණායක මත පදනම් වූ හජ් වන්දනා මෙහෙයුම්කරුවන් ඇගයීමට විශේෂ ස්වාධීන කමිටුවක් පත් කළ යුතු ය. මෙම කර්තව්‍ය සිදු කරන මණ්ඩලය විසින් තම නිර්දේශ අවසන් තීරණයක් ගැනීම සඳහා හජ් කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුය.
- වන්දනාකරුවන් වෙනුවෙන් පිරිවැය අඩු කිරීම සඳහා හජ් වන්දනා සමයේදී ගුවන් සමාගම සමඟ ගුවන් ටිකට් මිල ගණන් සාකච්ඡා කිරීම.
හජ් වන්දනා මෙහෙයුම්කරුවන්ගේ තත්ත්ව පාලනය
-
- වන්දනාකරුවන්ට ආගමික මාර්ගෝපදේශයන් සම්බන්ධ පුහුණු සැසි පිළිගත් මුස්ලිම් ආගමික ආයතනය විසින් ඉදිරිපත් කරන බවට හජ් කමිටුව සහතික කිරීම. මෙය මවුලවිවරයෙකුට වන්දනා නඩයට ඇතුලත්වීමේ සුදුසුකමක් වනු ඇත
- සෑම හජ් මෙහෙයුම්කරුවෙකුම තමන් විසින් රැගෙන යන සෑම වන්දනාකරුවෙකුටම අවශ්‍ය සියළු පහසුකම් සලසා දෙන බවට ඔවුන් සමඟ එකඟව අත්සන් කළ යුතු ගිවිසුමක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ලබා ගත යුතුය
- මෙම වන්දනා ගමනේ දී මෙහෙයුම්කරුවන් විසින් සෞදි අරාබි රාජ්‍යය තුළ වන්දනාකරුවන්ට සතුටුදායක සේවාවක් ලබාදෙන්නේ ද යන්න තහවුරු කිරීම, ඔවුන්ගේ සේවා ප්‍රමිතීන් නිරීක්ෂණය කිරීම සහ තක්සේරු කිරීම සඳහා මෙම දෙපාර්තමේන්තුව විසින් වන්දනා කාලය තුළ නිලධාරීන් කිහිප දෙනෙක් සෞදි අරාබි රාජ්‍යයට යවනු ලබන අතර එහි දී එම නිලධාරින් වන්දනාකරුවන් සමඟ ද කතා කරනු ඇත.
- මෙම දෙපාර්තමේන්තුව විසින් වීසා නිකුත් කිරීමේ අවස්ථාවේ දී, හදිසි අවස්ථාවල දී සම්බන්ධ වීම සඳහා ක්ෂණික ඇමතුම් සේවාව හා අදාල නිරීක්ෂණ සේවාව පිළිබඳ වන්දනාකරුවන් දැනුවත් කළ යුතුය.
- මෙම දෙපාර්තමේන්තුව අහඹු ලෙස සෑම වන්දනා කණ්ඩායමකින්ම වන්දනාකරුවන් පස් දෙනෙකු තෝරා වන්දනා සේවය ගැන ප්‍රතිචාර ලිඛිතව ලබා දීමට ඉල්ලා සිටියි
- මීට අමතරව හජ් කමිටුව විසින් හජ් නිම වීමෙන් මාසයකට පසු වන්දනාකරුවන්ගෙන් ප්‍රතිචාර ලබා ගෙන මෙහෙයුම්කරුවන් විසින් ලබා දුන් සේවාව ඵලදායිව ඉටු කරන ලද්දේ යන්න ඇගයීමක් සිදු කරනු ලබයි.
- මෙම හජ් කමිටුව විසින් හජ් වන්දනා ගමනින් පසු මෙහෙයුම්කරුවන් සම්බන්ධයෙන් එල්ල වී ඇති පැමිණිලි හා චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන මණ්ඩලයක් පත් කළ යුතු ය. මෙම විද්වත් විනිශ්චය මණ්ඩලය විසින් කරුණු හා සිද්ධීන් අවසන් තීරණය ගැනීම සඳහා හජ් කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුවේ. නිර්දේශ පහත සඳහන් වේ.
- 1. වරද සඳහා විනිශ්චය (වලංගු හෝ අවලංගු)
-
-
- 2. වරදෙහි බැරෑරුම්කම
-
-
-
- 3. වරදේ ස්වභාවය මත පදනම් වූ ආනුෂංගික දඬුවම
-
විනිශ්චය මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව, හජ් කමිටුව විසින් නිත්‍යානුකූල මෙහෙයුම්කරුවන් පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය. අනතුරු ඇඟවීමක්, මුදල් දඬුවමක්, අත්හිටුවීම හා අවලංගු කිරීමක් ලෙස දඬුවම් පරාසයක් දැක්විය හැකිය.
-
- හජ් මෙහෙයුම්කරුවන්ට පැනවිය හැකි දඬුවම් පහත් පරිදි වේ.
- 1. අවවාදයක් / දැඩි අනතුරු ඇඟවීමක්
- හජ් මෙහෙයුම්කරුවන්ට පැනවිය හැකි දඬුවම් පහත් පරිදි වේ.
-
-
- 2. අත්හිටුවීමක්
-
-
-
- 3. අවලංගු කිරීමක්
-
-
- 4. පරීක්ෂණ මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලබන වෙනත් ඕනෑම දඬුවමක්
- හජ් කමිටුව මෙම දඬුවම් ගැන මෙහෙයුම්කරුවන් දැනුම්දීමක් කරන අතර හජ් වන්දනාව අවසන් වී සිට මාස තුනක් ඇතුළත එය ක්‍රියාත්මක වනු ඇත.
- විනය පියවර සඳහා කැඳවා ඇති හා විරුද්ධව වන්දි පනවා ඇති හජ් මෙහෙයුම්කරුවන්ට හජ් කමිටුව වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට අයිතියක් ඇති අතර එහි තීරණය අවසාන තීරණය වේ.
Hajj Committee Members:
1. ඉබ්රාහිම් අන්සාර් මයා – සභාපති
2. ඉසෙඩ්.ඒ.එම්. ෆයිසල් මයා – අධ්යක්ෂ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
3. ඉෆාස් නබුහාන් මයා – සාමාජික
4. නිබ්රාස් නසීර් මයා – සාමාජික
5. එම්.එච්. මිල්ෆර් කෆූර් මයා – සාමාජික
6. අහ්කම් උවයිස් මයා – සාමාජික