සමාරම්භක උත්සවය
අල්ලාහ් සියලු මිනිස් සංහතියටම සත්‍ය ප්‍රකාශ කිරීමට සහ ඔවුන් නිවැරදි මාර්ගයට මඟ පෙන්වීම සඳහා තම දූතයන් යැවී ය. එසේ යැවූ දූතයන්ගෙන් අවසාන දූතයාණන් වනුයේ මුහම්මද් නබි (සල්) තුමාණන් ය. වක්තෘ මුහම්මද් නබි තුමාණන් අවංක, සාධාරණ, දයාන්විත මෛත්‍රීසහගත, සත්‍යවාදී හා නිර්භීත මිනිසෙකු බවට කදිම උදාහරණයකි. ඔහු සාමාන්‍ය මිනිසෙකු වුවද , මනුෂ්‍යෙයකු සතු සෑම නරක ලක්ෂණයක්ම තමාගෙන් ඉවත් කර දෙව් සහ පරලොව් ඔහුගේ විපාකය වෙනුවෙන් පමණක් ප්‍රයත්න දැරුවේය. එපමණක් නොව, ඔහුගේ සියලු ක්‍රියා කටයුතු වලදී , ඔහු මෙතෙක් අල්ලාහ් දෙවියන් වහන්සේ පිළිබඳ දැනුවත්ව හා බිය ව ජීවත් විය.
මුස්ලිම් බැතුමතුන්ගේ අවසාන දූතයාණන් වන මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ ජන්ම දිනය සැමරීම වසරක් පාසා සිදුකෙරෙන අතර එහි ආගමික වැදගත්කම පිළිබඳව සලකා මෙම දිනය රජයේ නිවාඩු දිනයක් ලෙසට ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වා දී ඇත.
ජාතික මීලාදුන් නබි දිනය සනිටුහන් කරමින් සෑම වසරක් පාසාම දිවයිනේ එක් දිස්ත්‍රික්කයක් තෝරාගෙන එම දිස්ත්‍රික්කය පුරා ආගමික හා සමාජයීය සංවර්ධනය ඇති කිරීම. එහිදි අදාල ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන, ආගමික ආයතන හා අරාබි විදුහල්, කුර්ආන් මද්රසා, අහදියා දහම් පාසල් වල සංවර්ධන කටයුතු සදහා මුදල් ආධාර ප්‍රදානය කිරීම ආදිය සිදු කෙරේ.
වර්ෂ 1982 සිට ජාතික මීලාදුන් නබි දිනය සැමරීමේ කටයුත්ත සිදු කරන ලද අතර එය දෙපාර්තමේන්තු කාර්යභාරයේ එක් අංගයක් ලෙසට නම් කර වසරක් පාසා පහත පරිදි එක් එක් ප්‍රදේශවල සැමරුම් උත්සව පැවැත්විණි.
ප්‍රදේශය වර්ෂය ප්‍රදේශය වර්ෂය
කුරුණෑගල 1988 අම්පාර 2006
මාවනැල්ල 1990 ත්‍රිකුණාමලය 2007
මාතලේ 1991 මොනරාගල 2008
පුත්තලම 1992 මාතර 2009
තිහාරිය 1994 මඩකළපුව 2010
වැලිගම 1995 හම්බන්තොට 2011
ගම්පොල 1996 රත්නපුර 2012
අඩ්ඩාලචේනයි 1997 ත්‍රිකුණාමලය 2013
මල්වාන 1998 කළුතර 2014
කුරුණෑගල 2000 මහනුවර 2015
මහනුවර 2001 ගුරුතලාව 2016
මහනුවර 2002 යාපනය 2017
මඩකළපුව 2003 කොළඹ 2018
පොළොන්නරුව 2004 කොළඹ 2021
වවුනියා 2005
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම දෙපාර්තමේන්තු ක්‍රියාකාරකම යටතේ පහත සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇත.
මෙම ජාතික දින සැමරුම සඳහා තෝරාගත් දිස්ත්‍රික්කයක විවිධ ආගමික උත්සව හා සමාරම්භක උත්සවය සංවිධානය කිරීම.
අදාල දිස්ත්‍රික්කයේ තෝරාගත් මුස්ලිම් පල්ලි, අරාබි විදුහල්, කුර්ආන් මද්රසා, අහදියා පාසල් හා අනෙකුත් ආගමික ආයතන සංවර්ධනය කරනු ලබන අතර යටිතල පහසුකම් ද නඟා සිටුවනු ලැබේ.
අධ්‍යාත්මික හා සමාජයීය සංවර්ධන වැඩසටහන් සහ අපගේ නබි නායක මුහම්මද් (සල්) තුමාණන් ගේ ආදර්ශවත් ජීවිතය විදහා දැක්වීමේ හා දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් සංවිධානය කිරීම
මෙම වැඩසටහනට සමගාමීව දිවයින පුරා ශිෂ්‍යය ශිෂ්‍යයාවන් අතර පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමේ කථික තරඟ, කෙටි කතා ලිවීම, රචනා තරඟ, හිෆ්ලුල් කුර්ආන් තරඟ, කිරාඅත් තරඟ හා අරාබි අක්ෂර තරඟ පැවැත්වීම
තෝරාගත් දිස්ත්රික්කයේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය, අදාළ දිස්ත්‍රික්කයේ ඓතිහාසික වැදගත්කම හා මුස්ලිම් පුරෝගාමීන් පිළිබඳ විස්තර ඇතුලත් සමරු ප්‍රකාශනයක් මෙම ජාතික වැඩසටහන නිමිත්තෙන් එළි දැක්වීම.
ඒ ජන කොටස් අතර සාමය හා සමෘද්ධිය සහතික කිරීම සඳහා ගරු අමාත්‍යවරුන්, ආගමික නායකයන් සහ අදාල දිස්ත්‍රික්කයේ වැදගත් පුද්ගයින්ගේ සහභාගීත්වයෙන් රාජ්‍යය මට්ටමෙන් උත්සවයක් සංවිධානය කිරීම.