මුස්ලිම් පුණ්යාිධාර අරමුදල
මුස්ලිම් පල්ලි සහ පුන්‍යාධාර හෝ ‘ වකුෆ් පනත ‘අනුව ශ්‍රී ලංකා වකුෆ් මණ්ඩලය විසින් පරිපාලනය කරනු ලබන අරමුදලක් පිහිටුවිය යුතු බව එහි දක්වා ඇත. ඒ අනුව, මුස්ලිම් පුණ්‍යාධාර අරමුදල පිහිටවූ අතර සියලු මුස්ලිම් පල්ලි, සිද්ධස්ථාන, භාර හා ආගමික ආයතනය විසින් සෑම මාසයකම අවසන් දිනෙන් පසු දින තම ආයතනයේ ශුද්ධ ආදායමෙන් කිසියම් දායකත්වයක් සිදු කළ යුතු ය. ශුද්ධ ආදායමෙන් 6% ක් මුස්ලිම් පල්ලිවලින් ද, 10% ක් අනෙකුත් සිද්ධස්ථාන හා භාර වලින් ද අධ්‍යක්ෂගේ නමින් මුස්ලිම් පුණ්‍යාධාර අරමුදලට බැර වන පරිදි ගෙවිය යුතුය.
වකුෆ් මණ්ඩලය විසින් පහත සඳහන් අරමුණු සියල්ල හෝ එකක් සඳහා මෙම අරමුදලේ මුදල් ආයෝජනය කළ හැකි වේ.
- මුස්ලිම් පල්ලි ඉදිකිරීම, ප්‍රතිෂ්ඨාපනය කිරීම හා නඩත්තු කිරීම
- මුස්ලිම් ජනයාගේ දුගී බවට සහනයක් සැලසීම උදෙසා
- මුස්ලිම් ජනයාගේ අධ්‍යාපනයේ දියුණුව උදෙසා
- ඉස්ලාම් ආගමේ දියුණුව උදෙසා
- මුස්ලිම් ජනයාට ප්‍රයෝජනවත් වෙනත් අරමුණක් ඉටු කිරීම