මාධ්‍ය ප්‍රකාශය

2020.04.20

මාධ්‍ය ප්‍රකාශය

උප: 4/21 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූවන් සිහිපත් කරමින් සියලු මුස්ලිම් පල්ලිවල හෙට විශේෂ වැඩසටහනක් පැවැත්වීමට නියමිතය.

2020 අප්‍රේල් 21 වන දින අපගේ කිතුනු සහෝදරවරුන්ගේ පාස්කු ඉරිදා දේව මෙහෙයන් අතරතුර හා කොළඹ හෝටල්වල අහිංසක පිරිමි, කාන්තා සහ මුන් ගොදුරු කර ගනිමින් සිදු වූ දරුණු ත්‍රස්ත ප්‍රහාරයේ පළමු සංවත්සරය සනිටුහන් වේ. මෙම ප්‍රහාරවලින් අහිංසක පුද්ගලයින් 259 දෙනෙකු මිය ගොස් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මෙම බිහිසුණු අපරාධයේ කැළැල් සෑම ශ්‍රී ලාංකිකයෙකුගේ හදවත් තුළ පවතී. අහිංසක වින්දිතයින් සහ ඔවුන්ගේ ආදරණීයයන් සිහිපත් කිරීම හා යාච්ඤා කිරීම සඳහා මුස්ලිම් ප්‍රජාව සියලු ශ්‍රී ලාංකිකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර මෙම ත්‍රස්තවාදීන් හෙළා දැකීමට හා පීඩාවට පත් වූවන්ට සාධාරණය ඉටු කිරීමට අපි එක්සත් වෙමු.

ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව (DMRCA) විසින් දිවයින පුරා පිහිටි සියලු මුස්ලිම් පල්ලි සහ ඉමාම්වරුන්ට හෙට (2020.04.21) දින පෙරවරු 8.40 සිට 8.55 දක්වා 4/21 පාස්කු රුදින බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූවන් සිහිපත් කරමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස නියම කර ඇත. ජාතික මට්ටමේ මුස්ලිම් වැඩසටහන කොළඹ 03 හි කොල්ලුපිටිය ජුම්මා පල්ලියේදීපැවැත්වේ.

ඒ.බී.එම්. අෂ්රෆ්

අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලය,

අධ්‍යක්ෂ, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව