විශේෂ නිවේදනයයි: ප්‍රධාන මුස්ලිම් දේවස්ථාන/ජූම්ආ මස්ජිද්වල කොවිඩ්-19 රෝගය ව්‍යාප්තියෙන් ආරක්ෂාව පතා එකම අවස්ථාවක සිදුකෙරෙන විශේෂ “දුආ” ප්රාර්ථනාවල නියැලීම.
2020.11.06
සියළුම ජූම්ආ/ප්‍රධාන මුස්ලිම් දේවස්ථානවල භාරකාර මණ්ඩල හෝ කාර්යභාර අයවළුන් වෙත,
විශේෂ නිවේදනයයි: ප්‍රධාන මුස්ලිම් දේවස්ථාන/ජූම්ආ මස්ජිද්වල කොවිඩ්–19 රෝගය ව්‍යාප්තියෙන් ආරක්ෂාව පතා එකම අවස්ථාවක සිදුකෙරෙන විශේෂ “දුආ” ප්රාර්ථනාවල නියැලීම.
දිනය : 2020.11.08
වේලාව : ප.ව. 5.00 – 6.00 අතර
ශ්‍රී ලංකාව පුරා පිහිටි බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාම්ඇතුළු අාගමික සිද්ධස්ථානවල 2020.11.08 වන ඉරිදා ප.ව.5.00 සිට 6.00 දක්වා එකම අවස්ථාවකදී විශේෂ යාඥාවල/ප්රාර්ථනාවල යෙදෙන ලෙස අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන, අ ගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව,
අ) අනිවාර්යෙන්ම මේ සදහා සහභාගී වන පිරිස 25කටපමණක් සීමා කිරීම.
ආ) මෙසේ සහභාගී වන අයගෙන් යටත් පිරිසයින් 20ක් හෝ ඊට වැඩි දෙනෙකුට අල් කුර්ආන් පාරායනය, දුආ (ප්‍රාර්ථනා) නිසිලෙස සිදු කළ හැකි උලමාවරුන් නැතහොත් මද්රසා සිසුන්වීම. 5 දෙනෙකු හෝ ඊට අඩු පිරිස අතර දේශපාලන ප්‍රභූන්, සමාජයේ ප්‍රභූන් ඇතුළු මස්ජිද් පරිපාලන (භාරකාර මණ්ඩල) සාමාජිකයන්ගෙන් සමන්විතව තිබීම.
ඇ) සහභාගී වන සියලු දෙනාම සුදුවතින් සැරසී, හිස්ආවරණයක් (තොප්පියක්) පැළඳ සිටීම.
ඈ) අල් කුර්ආන් පාරායනය, සලවාත් ඇතුළු දූආ ප්‍රාර්ථනා හැරුණු විට වෙනත් කිසිඳු කථා පැවැත්වීම් සිදු නොකළ යුතුය.
ඉ) සූරා යාසීන්, දුහාන්, සාෆ්ෆාත් වැනි අල් කුර්ආන් සූරාවන්ගෙන් එකක්ද, නබි නායක (සල්) තුමන් කෙරෙහි සලවාත් ඇතුළු දුක්, කම්කටොළු වලදී කරනු ලබන දුආ ආදිය යොදාගැනීම. දුක්, කම්කටොළු පවතින අවස්ථාවලදි පාරායනය කල යුතු දුආ සමහරක් මේ සමඟ යා කොට ඇත.
ඒ. බී. එම්. අෂ්රෆ්
අධ්යක්ෂ
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව