ලේකම්තුමාගේ පණිවුඩය

DEPUTY_MINISTER (1)

2015 ජනවාරී මස 8 වන දින පැවැත්වූ ජනාධිපතිවරණයේ තේමාව වුයේ සාධාරණ සමාජයක් ස්ථාපිත කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස සියළු ජාතීන්, සියළු ආගම් සහ සියළු දේශපාලන පක්ෂ ඒකරාශිවෙමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවමින් නව දේශපාලන සංස්කෘතියක් අරඹා ඇත.

වත්මන් යහපාලන ජාතික රජයේ දෙවසරක ගමන් මගතුල සැම කේෂත්‍රයකම අද්විතීය ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන ඇති අවස්ථාවක, මුස්ලිම්  ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව ස්වකීය පරිපාලන කටයුතු සඳහා නව ගොඩනැගිල්ලක් වෙත ප්‍රවේශවීමත් ඊට සමගාමීව දෙපාර්තමේන්තුවේ අනන්‍යතාවය තවදුරටත් තහවුරු කරනු වස් දෙපාර්තමේන්තුව සදහා අන්තර්ජාලය තුල වෙබ් පිටුවක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ජාතිකයින්ට ඉතාමත් පහසුවෙන් දෙපාර්තමේන්තුව හා සහ සම්බන්ධවීමටත්, දෙපාර්තමේන්තුව මගින් සපයනු ලබන සේවාවන් ක්ෂණිකව ලබාගැනීමටත් පහසුවන පරිදි තොරතුරු තාක්ෂණය යොදාගැනීම අගය කළ යුතුව ඇත.

අනාදිමත් කාලයක සිට පවත්වාගෙන එනු ලබන මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ එමගින් සපයනු ලබන සේවාවන් මෙන්ම විශ්ව ගම්මානයේ සැරිසරමින් මුස්ලිම් ආගමික කටයුතු සංවර්ධනය සඳහා මෙම අන්තර්ජාල වෙබ් පිටුව ශ්‍රී ලංකාවාසී සෑම මුස්ලිම් බැතිමතෙකුට ඉමහත් පිටුවහලක් වනු ඇතැයි මම විශ්වාස කරමි. විශේෂයෙන් මුස්ලිම් ආගමික සංවර්ධන කටයුතු පවත්වාගෙන යාමේදී වාර්ෂිකව සෑම මුස්ලිම් බැතිමතෙකු විසින් ඉටුකළ යුතු ආගමික චාරිත්‍ර ඉටුකිරීම් වස් සවුදි ආරාබි රාජධානියේ ශුද්ධවූ මක්කම සහ මැදිනා  නගරවල පිහිටි ශුද්ධවූ දේවස්ථාන  වන්දනාමාන කිරීම හෙවත් “හජ් වන්දනාව මෙන්ම උම්රා වන්දනා” කටයුතු සඳහා පහසුකම් සපයාගැනීමට මෙම අන්තර්ජාල වෙබ් පිටු මගින් තාක්ෂණික පහසුකම් සපයා තිබීම ඉතා වැදගත් ඉදිරි පියවරක් ලෙස මම දකිමි.

මෙසේ තොරතුරු තාක්ෂණය සෑම කේෂ්ත්‍රයකම අනාගත  අභිවෘද්ධිය උදෙසා යොදගැනීමට උත්සුකවූ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සියළු අපේක්ෂාවන් ඉටුවනු දැකීම මාගේ පෞද්ගලික අපේක්ෂාව වන අතර, ඒ සදහා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සැමට මාගේ සුභපැතුම් පිරිනමමි.

 

ඩී.ජී.එම්.වී.හපුආරච්චි

ලේකම්

තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය