Minister’s Message

profile-img

ගරු. ඒ. එච්. එම්. ෆව්සි මහතා (පා.ම)

ඉස්ලාම් ආගමික වතාවත් හා සංස්කෘතික වටිනාකම් වලින් පිරිපුන් සමාජයක් ගොඩනැඟීමේ කර්තව්‍යයේ ප්‍රමුඛ පෙළේ භූමිකාවක් ඉටු කිරීමට ලැබීම පිළිබඳව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා වශයෙන් මම මහත් සතුටට පත්වෙමි. මෙම ආයාසයෙන් ලැබෙන ප්‍රතිලාභ ලාංකික මුස්ලිම් පුජාව වෙත ලැබීමට සැලැස්වීම මෙම සන්දර්භය තුළ අපේ අරමුණ විය යුතුය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අතර දිගු කාලයක් තිස්සේ පැවති අවශ්‍යතාවයක් වී තිබූ මෙම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය දියත් කිරීම සඳහා ගනු ලැබූ සියලු උත්සාහයන් මත මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හා කාර්ය මණ්ඩලයට අවංකවම සුබ පැතීම සඳහා මෙය අවස්ථාවක් කර ගනිමි.

මෙම වෙබ් අඩවිය තුළින් මුස්ලිම් ප්‍රජාවට යහපත් සේවාවක් සැපයීම අපගේ බලාපොරොත්තුවයි. මෙම නිල වෙබ් අඩවිය හරහා මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් හැකි උපරිම අයුරින් මුස්ලිම් ප්‍රජාවට සේවය සලසා දෙනු ඇති බව මම දැඩි ලෙස විශ්වාස කරමි.

ඒ. එච්. එම්. ෆව්සි

රාජ්‍ය අමාත්‍ය

ජාතික සමගිය, සංහිදියාව හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ  අමාත්‍යාංශය