හැඳින්වීම

  • හැඳින්වීම

ශ්‍රී ලංකා ජනරජයේ මුස්ලිම් සමාජය නියෝජනය වන එකම රාජ්‍ය ආයතනය ලෙස මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වර්ෂ 1981 දී ස්ථාපනය කරන ලදි.

එතැන් පටන් මෙම දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, වාණිජ හා වෙළඳ කටයුතු අමාත්‍යාංශය, ආගමික කටයුතු හා සදාචාර ප්‍රවර්ධන අමාත්‍යාංශය හා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය වැනි විවිධ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වූ අතර වර්තමානයේ එය තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු රමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.

  • දැක්ම :     ශ්‍රී ලංකාව තුල ඉස්ලාමීය ආගමික සාරධර්ම හා සංස්කෘතික වටිනාකම් අතින් රිපුන් ඉතා උසස් මුස්ලිම් ජන සමාජයක්. 
  • මෙහෙවර :ශ්‍රී ලාංකික මුස්ලිම් ජන සමාජයේ උන්නතිය සහ යහ පැවැත්ම උදෙසා සියලු කාර්යයන් මැනවින් සංවිධානය කිරීම, මුස්ලිම් ආගමික හා සංස්කෘතික ආයතන

සම්බන්ධීකරණය හා මෙහෙයවීම සහ වක්ෆ් පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම මගින් ඉතා උසස් මුස්ලිම් ජන සමාජයක් බිහි කිරීමට උරදීම.

  • අරමුණු : 
    • මුස්ලිම් පල්ලි, පුණ්‍යාධාර අරමුදල හා ඒවා‍යේ වත්කම් පාලනය හා මෙහෙයවීම.
    • ඉස්ලාම් ආගමික ආයතන හා ඒවායේ වත්කම් පාලනය හා මෙහෙයවීම.
    • ඉස්ලාමීය ආගමික අධ්‍යාපනය පෝෂණය කිරීම හා වර්ධනය කිරීම.
    • ඉස්ලාමීය සංස්කෘතික අංග/ කටයුතු පෝෂණය කිරීම හා වර්ධනය කිරීම.
    • හජ් වන්දනාකරුවන් සඳහා පහසුකම් හා සේවා සම්පාදනය කිරීම.
    • ඉස්ලාමීය ආගමික හා සංස්කෘතික ක්ෂේත්‍රවලදී ජන සමාජයට සේවාවක් කිරීම.
    • ඉස්ලාම් ආගමික ශික්ෂණයන් ඉටුකිරීම සඳහා (පස්වේල් නමස්කාර කිරීම සහ රාමසාන් උපවාසය වැනි) අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම.
    • කාලීන කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ මාර්ගෝපදේශ ලබාදීම.
    • මුස්ලිම් ජන සමාජයේ එකමුතු බව පවත්වාගෙන යාම සහ ජාතික ඒකාබද්ධතාව සඳහා ක්‍රියාකිරීම.
  • දෙපාර්තමේන්තු කාර්යභාරය 
    • මුස්ලිම් පල්ලි ඇතුළු ආගමික ස්ථාන ලියාපදිංචිය සහ භාරකරුවන් පත්කිරීම.
    • මුස්ලිම් පුණ්‍යාධාර භාර අරමුදල ක්‍රියාකාරී ලෙස පවත්වාගෙන යාම සහ වක්ෆ් පනත ක්‍රියාත්මක කිරීම.
    • ලියාපදිංචි කරන ලද මුස්ලිම් දේවස්ථාන, අහදියා (දහම් පාසල්), අරාබි විදුහල්, කුර්ආන් මද්රසා ඇතුළු ආගමික ආයතන සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය ආධාර ලබාදීම.
    • ශුද්ධ වූ රාමසාන් මාසයේ ආරම්භය සහ සමාප්තිය නිවේදනය කිරීම සහ “රාමසාන්” මාසය වෙනුවෙන් විදේශ මුස්ලිම් රටවල්වලින් මෙරටට ප්‍රදානය කරනු ලබන රටඉඳි දිස්ත්‍රික් මට්ටමින් අදාල ප්‍රධාන දේවස්ථාන හරහා දිවයින පුරා සිටින මුස්ලිම් ජනතාවට බෙදාහැරීම.
    • ජාතික මීලාදුන් නබී දිනය සනිටුහන් කරමින් සෑම වසරක් පාසාම දිවයිනේ එක් දිස්ත්‍රික්කයක් තෝරාගෙන එම දිස්ත්‍රික්කය පුරා ආගමික හා සමාජයීය සංවර්ධනය ඇති කිරීම. එහිදී අදාල ප්‍රදේශය මුස්ලිම් දේවස්ථාන, ආගමික ආයතන, මුස්ලිම් සහ මුස්ලිම් නොවන පාසල්වල සංවර්ධන කටයුතු සිදුකිරීම, විවිධ වැඩසටහන්, තරඟ හා ත්‍යාග ප්‍රදානෝත්සව සංවිධානය කිරීම, ආගමික පුරෝගාමීන්ට ගෞරවාචාරය පුදකිරීම, අදාල ප්‍රදේශයේ ඓතිහාසික වශයෙන් වැදගත් පොත් ප්‍රකාශනය යනාදී ක්‍රියාකාරකම් සිදුකෙරේ.
    • ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව ශුද්ධ වූ හජ් වන්දනාවෙහි යෙදීම සඳහා පහත පරිදි අවශ්‍ය කටයුතු සලසාදීම.
      • සුදුසු නියෝජිතයන් ලියාපදිංචිය සහ බලපත්‍ර නිකුත් කිරීම.
      • වැඩසටහන පිළිබඳව වන්දනාකරුවන් දැනුවත් කිරීම.
      • හජ් වන්දනාව පිළිබඳ මාර්ගෝපදේශන පොත් බෙදාහැරීම.
      • වන්දනාකරුවන් සඳහා ගුවන් ප්‍රවාහන කටයුතු සංවිධානය.
      • හජ් වන්දනාව සඳහා සෞදි අරාබි රාජධානියේ රැඳී සිටින කාලය තුල වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සහ මාර්පෙදේශ ලබා දීම.
      • හජ් වන්දනා කාලය තුල වන්දනාකරුවන් සඳහා වෛද්‍ය සේවා කටයුතු සලසාදීම.
      • බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී සහ ජිද්දා අන්තර්ජාතික ගුවන්තොටුපළේදී හජ් වන්දනාකරුවන්ට මගපෙන්වීම සහ අවශ්‍ය පහසුකම් සලසාදීම.
      • සෞදි අරාබි රාජධානියේදී හජ් නියෝජිතයින් සලසන සේවාවන් නිරීක්ෂණය කිරීම සහ අඩුපාඩු නිවැරදි කිරීම.
    • දිවයින පුරා අහදියා දහම් පාසල් ගුරුභවතුන් සඳහා නිල ඇඳුම්, පුස්තකාල පොත් දීමනා ලබාදීම, දහම් පාසල් ගුරුභවතුන් සඳහා පුහුණු පාඨමාලා පැවැත්වීම සහ අහදියා දහම් පාසල් සඳහා විෂය නිර්දේශයක් හඳුන්වාදීම.
    • මුස්ලිම් සුභසාධන සමිති ලියාපදිංචිය සහ එම කටයුතු පවත්වාගෙන යාමට දායකවීම.
    • ඉස්ලාම් පෙර පාසල් ගුරුවරුන් සඳහා පුහුණුවක් ලබාදීම සහ එම කටයුතු පවත්වාගෙන යාමට දායකවීම.
    • කලාකරුවන්ට ‍ගෞරව සත්කාර දැක්වීම පිණිස වාර්ෂිකව සංස්කෘතික අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන කලාභූෂණ සම්මාන උළෙල සඳහා සුදුසු කලාකරුවන් නිර්දේශ කිරීම.
    • මුස්ලිම් කතුවරුන් ‍ධෛර්යමත් කිරීම සඳහා ඔවුන් විසින් නිර්මාණය කරන ලද පොත් පත් මිලදී ගෙන මුස්ලිම් පාසල් පුස්තකාලවලට බෙදාහැරීම.
    • පල්ලි දායක සභා සාමාජිකයන්ට ඉස්ලාම් ආගමික ආයතනවල පරිපාලන සභා සාමාජිකයන්ට පුහුණුවක් ලබාදීම.
    • අන්තර්ජාතික තරඟ සඳහා (අල්කුර්ආනය පාරායණය කිරීම) අපේක්ෂකයින් ‍තේරීම. මෙම තරඟ වාර්ෂිකව ඊජිප්තුව, ඉරානය, මැ‍ලේසියාව සහ ඩුබායි යන විදෙස් රටවල්වලදී පැවැත්වේ.
    • ඉස්ලාමීය උසස් අධ්‍යාපන කටයුතු සඳහා සිසුන් තේරීම.
    •  ඉස්ලාම් ආගමික පූජකවරුන් (මවුලවිවරු) සඳහා විශේෂ හැඳුනුම්පත් ලබාදීම.
    • විදේශ රැකියා සඳහා සෞදි අරාබිය බලා පිටත්ව යන මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් ඔවුනගේ ජන වර්ගය තහවුරු කිරීම සඳහා ආගමික සහතිකපත් නිකුත් කිරීම.